දේශපාලන උණුසුම උච්චයට - මෙන්න අස්වීම් 10ක්

By Shehan Oct 21, 2025 06:07 AM GMT
Report

ලබන වසර (2026) පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන, පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය ධුරයේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයකින් අය අතර දැඩි තරගයක් මතුවී තිබේ.

මෙම තනතුරු සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ගෙන් බහුතරයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි. ඔවුන් දැනටමත් අදාළ දේශපාලන පක්ෂවල නායකයින් වෙතින් පෞද්ගලිකවම ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇත.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර ඇති පරිදි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ නුඹුරු දිනවල සිය මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ, පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයන් ලෙස තරඟවැදීමේ අරමුණින් ය.

අස්වැසුම නිසා ලොකු ප්‍රශ්නයක්

අස්වැසුම නිසා ලොකු ප්‍රශ්නයක්

ඇතැම් දේශපාලනඥයින් මෙම අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණින් පූජකවරුන් සහ වෙනත් විශේෂ බලධාරීන් මගින් පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම ආරංචි මාර්ග හෙළිදරව් කර ඇත.

 මෙම තත්ත්වය ලංකාවේ දේශපාලනයේ තවත් අස්ථාවරත්වයක් පිළිබිඹු කරන අතර, පළාත් සභා මැතිවරණයේදී දේශපාලන පක්ෂවල තුළ තරඟකාරීත්වය තවදුරටත් ඉහළ නැංවීමට ඉඩ ඇත. වැඩි විස්තර සඳහා දේශපාලන ආරංචි මාර්ග පරීක්ෂා කරන්න.

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

සෙව්වන්දි එක්ක ලංකාවට ගෙනාපු ගම්පහ බබාගෙන් ආන්දෝලනාත්මක ඝාතන සැලසුමක් එළියට - පද්මේගේ පැටිකිරිත් වමාරයි

බිලියන හයක් අතුරුදහන් කවුදෝ හොරකම් කරලා - මහජන ආරක්ෂක ඇමති

බිලියන හයක් අතුරුදහන් කවුදෝ හොරකම් කරලා - මහජන ආරක්ෂක ඇමති