කොස්තාපල් නීතිඥවරයට උසාවියෙදීම ගහලා

Report

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා සහ මෙම පොලිස් නිලධාරියා අතර බහින් බස්වීමක් සිදුව ඇත.

පසුව නීතිඥවරයා පැමිණි මෝටර් රථය අධිකරණ භූමියේ නවතා තිබීම නිසා බන්ධනාගාර බස් රථය පිටතට ගැනීමට නොහැකි වී තිබේ. දෙදෙනා අතර බහින්බස් වීම දුරදිග යාමෙන් පොලිස් කොස්තාපල්වරයා මෙම පහරදීම සිදුකර ඇත.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

මේ සම්බන්ධයෙන් අදාළ නීතිඥවරයා විසින් ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව ගල්කිස්ස පොලිසිය විසින් අධිකරණ භූමියේ සිටි සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දරුවන් 17ක් මරු තුරුළට යැවූ මේ මාරාන්තික කැස්ස සිරප් 3 තහනම්

දරුවන් 17ක් මරු තුරුළට යැවූ මේ මාරාන්තික කැස්ස සිරප් 3 තහනම්