මර්දනය කියන්නේ මේ ආණ්ඩුවේ ස්ටයිල් එක - ඇරෙනවා කෙසේ වෙතත් දිනෙන් දින කර්මාන්තශාලා වැහෙනවා
අද දින (11) පොදු ජනපෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවව හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර ජීවන තත්ත්වය පිළිබඳව අදහස් විමසීම සිදු කළේය.
ඒ වගේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොදු ජනපෙරමුණත් සමගම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ඉදිරි මැතිවරණයකදී ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවයි.
ඒ වගේම වර්තමාන ආණ්ඩුව අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ,
"ජනපතතුමාම කීවා පාපිසි කෑලි එක්ක බෑ කියලා ඉතින් ඒ මත පදනම් වෙලා යම් වෙනසක් කරාද දන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුවේම සමහරු කියනවා ක්‍රියාශීලීත්වය නැත ක්‍රියාකාරීත්වය වැඩි කරන්න තමයි කියලා ජනාධිපතිතුමා කැබිනට් සංශෝධනයක් කළේ කියලා. ඔවුන්ම පිළිගෙන තියෙනවා ක්‍රියාකාරිත්වය්ක් නෑ කියලා.
ඒකාලේ ජනාධිපතිතුමා කිව්වා කාඩ් කුට්ටම කොච්චර ඇද්දත් ජෝකර්ලා කරලා තමයි එළියට එන්නේ කියලා.ඉතින් එතුමාගේ කතාව එතුමාගෙම ආණ්ඩුවට ගැලපෙන්නැති වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. මේ ආණ්ඩුව දුන්නු පොරොන්දු ඉටු කරනවා විනා මර්ධනයකින් දේශපාලනය කරන්න ලෑස්ති වෙනවා.ඒක තමයි ආණ්ඩුවේ ස්ටයිල් එක හැබැයි ඒක සාර්ථක නැහැ.ඒ වගේම මර්දනය කියන්නේ මේ ආණ්ඩුවේ ස්ටයිල් එක ඇරෙනවා කෙසේ වෙතත් දිනෙන් දෙන කර්මාන්ත ශාලා වැහෙනවා."
යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළේය.