පොලිසිය තුළ දීම කාන්තාවක් සිව්දෙනෙකු විසින් දූෂණය කළ හැටි මෙන්න.

Police Meegoda Women rape
By Aruna Aug 06, 2021 06:32 AM GMT
Aruna

Aruna

Report

මීගොඩ දාම්පේ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක් මීගොඩ පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු විසින් වරින්වර පොලිසිය තුලදීම දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

එමෙන්ම එම කාන්තාවගේ 12 හැවිරිදි දරුවා භාරකරුවන් කිසිවෙකුත් නොමැති බව පවසමින් පරිවාස භාරයට පත් කිරීමට මීගොඩ පොලිසිය කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙම කාන්තාව සිය සැමියා සහ 12 හැවිරිදි පුත්‍රයා සමගින් මීගොඩ දාම්පේ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර එම නිවසේ කුලිය වැඩිවීම හේතුවෙන් තවත් කුඩා දරැවෙකු සිටින කාන්තාවක් සහ ඇයගේ මවට ද අදාළ නිවසේම කුලියට නවාතැන් ලබාදී තිබෙනවා.

දෙවනුව කුලී නිවසට පැමිණි කාන්තාව දහවල් කාලයේදී වෙනත් පුරුෂයින් එම නිවසට ගෙන්වා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි සඳහන්.

එහිදී පිටතින් පැමිණි පුද්ගලයා එම නිවසින් පළා ගොස් තිබෙනවා.

පසුව වෙනත් පිරිමියෙකු අදාළ නිවසට රැගෙන ආ මෙම කාන්තාව තමන්ට අතවර කිරීමට කුලී නිවසේ පළමු හිමිකාර පුද්ගලයා පැමිණි බවටයි මීගොඩ පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම නිවස පළමුව කුලී පදනම මත ලබා ගත් පවුලේ මව ඇඟළුම් කම්හලක රැකියාව සඳහා ද පියා පෙදරේරු රැකියාව සඳහා ද පිටවී ගිය අවස්ථාවේදී නිවසේ සිටි 12 හැවිරිදි දරුවා අනෙක් කුලීකාර කාන්තාවන් දෙදෙනා විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මීගොඩ පොලිසියට භාර දී තිබෙනවා.

පසුව එම ඔහු තම භාරයට ගත් මීගොඩ පොලිසිය පියාට දුරකථනයෙන් දන්වා ඇත්තේ දරුවා තම භාරයේ සිටින බවත් දරුවා අවශ්‍ය නම් පැමිණ පොලිසියට භාර වන ලෙසටයි.

එම අවස්ථාවේ පියා පෙදරේරු රැකියාව සඳහා දුර බැහැර ප්‍රදේශයකට ගොස් සිටි බැවින් සහ දරුවාගේ මව ඇඟළුම් ආයතනයේ සේවයේ යෙදී සිටින අවස්ථාවේ දුරකථනයක් නොමැති වීමත් යන කරුණු හේතුවෙන් මෙම තොරතුරු ඇයට ලබා දීමට හැකියාවක් ලැබී නැහැ.

පසුව සවස මීගොඩ පොලිසියට ගිය අවස්ථාවේදී නිලධාරීන් පවසා ඇත්තේ දරුවා අධිකරණයට ඉදිරිපත් කරන බැවින් අධිකරණයේ දී දරුවා බේරා ගන්නා ලෙසටයි.

ඒ අනුව පසුදා මෙම මව දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වුව ද පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ මවගේ චරිතය හොඳ නොවන බැවින් දරුවා ඇය වෙත ලබාදීම නුසුදුසු බවයි.

ඒ අනුව දරුවා පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අනතුරුව මෙම කාන්තාව අධිකරණයේ සිට පිටතට පැමිණෙන අවස්ථාවේදී මීගොඩ පොලිසියේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

එහිදී ඇයව පොලිස් සිර මැදිරියේ රඳවා තබා පසුව රාත්‍රී 10.30ට පමණ පොලිසිය තුලම කාමරයකට රැගෙන ගොස් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් වරින්වර දූෂණය කළ බවටයි චෝදනා එල්ල වන්නේ.

මීට පෙර ද මේ ආකාරයෙන් ම මීගොඩ පොලිසිය තුලදී නිලධාරීන් තිදෙනෙකු විසින් තමා දූෂණයට ලක් කළ බව එම කාන්තාව ප්‍රකාශ කරනවා.

මේ වන විට දෙමාපිය තුරුලේ සිටි 12 හැවිරිදි දරුවා කිසිදු හේතුවක් නොමැතිව අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගෙන පොලිසිය තුලදීම දූෂණයට ලක් කිරීමට කටයුතු කිරීමත් සම්බන්ධයෙන් තවමත් සාධාරණයක් ඉටුව නොමැති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තම දරුවා තවමත් පරිවාස භාරයේ සිටින බැවින් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙසට මෙම මව්පිය යුවළ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha