වෙසක් උත්සව ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක් - ආයේ හොල්මන් මන්දිර භූත ගුහා ඔලුබක්කන් වැනි දේ තහනම්

Report

මෙවර වෙසක් උත්සව සමය තුළදී හොල්මන් මන්දිර හෝ භූත ගුහා පවත්වන පිරිස්වලට සහ බුදු දහමට නිගා කරමින් ඔලුබක්කන් නටමින් ප්‍රසිද්ධියේ හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේය.

ආගමික වතාවත්වලට සහ වෙසක් උත්සවයේ උත්කර්ෂවත්භාවයට හානි වන අයුරින් කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

[RTQO1IN ]

වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ,

“වෙසක් උත්සවය කියන්නේ බෞද්ධ තෙමඟුල සිහි කරන උතුම් වූ උත්සවයක්. එවැනි උතුම් වූ බෞද්ධ දර්ශනයට බොදු සංස්කෘතියට අගෞවරයක් හානියක් වන අයුරින් යම් කිසි කෙනෙකු ක්‍රියා කරන්නේ නම් ඔහුට විරුද්ධව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව තදින් නිතීය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අධික ශබ්දය, අධික ඝෝෂාව නංවමින් ඇතැමුන් තම යතුරුපැදි, ත්‍රීරෝද රථ පදවමින් සෙසු අයගේ මානසික ඒකාග්‍රතාව බිඳ හෙළමින් සිදුකරන විවිධ ක්‍රියාවන්ට එරෙහිව ද මෙවර දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා”

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි