මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කර ඇත. අද (20) මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්වධන මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්ත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දී ඇත.
මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්...ඉතිහාසයේ තුන්වෙනි වතාවට වේගයෙන් පැතිරෙන මාරාන්තික වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කැළඹෙයි
එම තත්ත්වයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
1. ගුවන්තොටුපළ ආශ්‍රිත නිරීක්ෂණය කිරීම (ආවේක්ෂණය) ශක්තිමත් කිරීම.
2. සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය මනාලෙස පෙර සුදානම් කර තැබීම.
3. අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සුදානම් කර තැබීම.
4. රට තුළ නිරීක්ෂණය කිරීමේ (ආවේක්ෂණය) පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරීම.
5. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම.
ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිවේදනයේ දක්වා තිබේ. එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳ අනිසි බියක් මහජනතාව තුළ ඇතිකර ගැනීම අවශ්‍ය නොවන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සියලුම අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව ද නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.