ලබන 23 සහ 24 යන දෙදිනට වලංගු දැනුම්දීමක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් නිසා ලබන 23 සහ 24 යන දෙදින තුළ දුම්රිය ධාවනය සීමා කිරීම සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන 23 වැනිදා උදෑසන 09.30 සිට 24 වැනිදා උදෑසන 07.30 දක්වා දුම්රිය ධාවනය සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එසේම එම කාල සීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවද දැනුම් දෙයි.
ඊට අමතරව මෙම කාලය තුළ කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන අතර මන්දගාමී දුම්රිය තුනක් 23 වැනිදා සවස නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිත බව සඳහන්.
එසේම 24 වැනිදා උදෑසන මන්දගාමී දුම්රිය තුනක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතව ඇති බව සඳහන්.