වාහන 4,000කට ණයවර ලිපි...50% බදු අධිභාරය ගහන්නත් කළින්ම ගහපු ගේම මහ බැංකුව ඉස්සරහදිම එළි කරයි [VIDEO]

Report

ආනයනික වාහන සඳහා පනවා ඇති රේගු ආනයන බද්දට, 50% ක අධිභාරයක් පැනවීමට පෙර මෝටර රථ 4,000 ක් සඳහා සමාගම් දෙකක් ණයවර ලිපි විවෘත කර තිබෙන බවට සමගි ජනබලවේගයේ දූෂණ විරෝධි බලවේගයේ ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පවසන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහා බැංකුවට ලිපියක් භාර දීමට කටයුතු කළ බව සඳහන්.

එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

"ජනාධිපති නිකුත් කරනවා අති විශේෂ ගැසට් පත්‍රයක් පහළොස්වෙනිදා මේ රටේ ආනයන සඳහා 50% බද්දක්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ජනාධිපතිතුමා පහළොස් වෙනිදා ලිපිය ලියනවා හදිස්සියට ගැසට් එක ගහනවා. මේ රටේ කුප්‍රකට ව්‍යාපාරිකයො දෙන්නෙක් පහළොස්වැනිදා, එක්කෙනෙක් වාහන 3500ක් ආනයනය කරනවා. තව එක්කෙනෙක් පන්සියයක් ආනයනය කරනවා. 50% ක 16 වෙනිදා ඉඳන් බද්දත් තියෙනවා. මම මහ බැංකුවලට ඇවිල්ලා ආවා තොරතුරු දැනගැනීමෙන් නිලධාරියා හමු වෙන්න. නිලධාරියාව හමුවෙන්න දෙන් නෑ..මම ලියුම දුන්නහම අත්සන් කරන්න බයයි..ලියුමක් භාර ගන්නේ නැහැ මේ අපේ රටේ මහ බැංකුව. මේ රටේ වාණිජ බැංකු අධීක්ෂණය කරන ආයතනය..."

ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය මගහරවා ගැනීමේ අරමුණින් වාහන ආනයනයේදී රේගු බදු වෙනුවෙන් 50% අධිභාරයක් පැනවූයේ ඉකුත් 15 වැනි දිනයි.

එමෙන්ම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී පවතී.

ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් හා රටේ පුරවැසියෙකුට ජීවත් වෙන්න රු.16,690ක්? හැබැයි තෙල් මිල ආයෙත් වැඩි වීමක්? අද ඇවිලුණු පාර්ලිමේන්තුව

ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් හා රටේ පුරවැසියෙකුට ජීවත් වෙන්න රු.16,690ක්? හැබැයි තෙල් මිල ආයෙත් වැඩි වීමක්? අද ඇවිලුණු පාර්ලිමේන්තුව

අද රටම කතා කළ රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා නොකළ හේතුව මෙන්න - විජිතම කියයි

අද රටම කතා කළ රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා නොකළ හේතුව මෙන්න - විජිතම කියයි

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,