හෝර්මුස් ජලසන්ධියත් වහන්න ලෑස්තියි - ඉරානයට නැවත ගැහුවොත් හිස්බුල්ලා සහ හවුති සංවිධාන කරන දේ ගැන ආපු දරුණු අනාවැකිය
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර එල්ල කළ බවට වාර්තා පළවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ආතතිය තවදුරටත් උත්සන්න වී තිබේ.
ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය ප්‍රතිප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවත්,හෝර්මුස් ජලසන්ධිය වසා දැමීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම ගැටුම් තත්ත්වය පසුගිය පෙබරවාරි 2 වනදා ආරම්භ වූ අතර, සති කිහිපයක් පුරා උණුසුම් තත්ත්වයක් පැවති බව වාර්තා වේ.
පසුව පාකිස්ථානයේ මැදිහත්වීමක් මත ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තාවකාලික සටන් විරාමයක් ඇති කර ගැනීමට උත්සාහ දරා තිබූ බවද සඳහන් වේ.
[YUQNMPN ]
කෙසේ වෙතත්, ස්ථිර සටන් විරාමයක් සඳහා ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟතාවක් නොමැති බව වාර්තා වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවද සඳහන් වේ.
මේ අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා ඇත්තේ තම රටට එරෙහිව යළි ප්‍රහාරයක් එල්ල වුවහොත් කලාපීය ප්‍රතිචාර දැඩි වනු ඇති බවයි. තවද, හිස්බුල්ලා සහ හවුති ව්‍යාපාරය වැනි ඉරාන හිතවාදී කණ්ඩායම්ද මෙම ගැටුම් තත්ත්වයට සම්බන්ධ විය හැකි බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ.