ගොඩනැගිලි රැසක් සුන්බුන් වෙයි - පේරු රාජ්‍යය හොල්ලපු භූමිකම්පාවේ අලුත්ම විස්තර මෙන්න

By Aylin Zoya May 20, 2026 12:41 PM GMT
Report

පේරු හි දකුණු පැසිෆික් වෙරළ තීරයට අද ප්‍රබල භූමිකම්පාවක් බලපා ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට හානි සිදුවී පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් සිදුව ඇති බවයි.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය අයිකා කලාපයේ පම්බා ඩි ටේඩ් නගරයට කිලෝමීටර් 20ක් පමණ නැගෙනහිර-ගිනිකොන දෙසින්, භූගතව කිලෝමීටර් 56.5ක ගැඹුරක පිහිටා තිබූ බවද වාර්තා වේ.

භූමිකම්පාවත් සමඟ අයිකා කලාපයේ සහ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දැඩි ලෙස සෙලවී ඇති අතර, බොහෝ ගොඩනැගිලිවල බිත්තිවල ඉරිතැලීම් ඇතිවී තිබේ.

"අගමැති මෝදි අපිට ගෙනාවේ හොඳම ටොපියක්" - ජෝර්ජියා මෙලෝනි දාපු සුපිරි වීඩියෝව අන්තර්ජාලය උණුසුම් කරයි

"අගමැති මෝදි අපිට ගෙනාවේ හොඳම ටොපියක්" - ජෝර්ජියා මෙලෝනි දාපු සුපිරි වීඩියෝව අන්තර්ජාලය උණුසුම් කරයි

විශේෂයෙන් සැන් ලුයිස් කොන්චා විශ්වවිද්‍යාලය ඇතුළු වැදගත් ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව සඳහන් වේ.

කම්පන දැනුණු පසු ජනතාව ගොඩනැගිලිවලින් ඉවත්ව විවෘත ස්ථානවල රැඳී සිට ඇති අතර, සුන්බුන් අතරින් තුවාල ලැබූ 27 දෙනා බේරාගෙන රෝහල්ගත කර තිබේ.

මේ වන විට කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව පේරු රජය තහවුරු කර ඇත.

සිද්ධියෙන් අනතුරුව ඇමටෝ ෆ්ලෝරස් බලපෑමට ලක් වූ ප්‍රදේශ වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර, විපතට පත් ජනතාවට ආහාර සහ ඖෂධ ඇතුළු හදිසි සහන සැපයීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ මිල රු. 5කින් ඉහළට - මෙන්න විස්තරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ මිල රු. 5කින් ඉහළට - මෙන්න විස්තරේ

භූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පේරු පිහිටා ඇත්තේ පැසිෆික් ගිනි වළල්ල ලෙස හැඳින්වෙන අධික භූ කම්පන සහ ගිනිකඳු ක්‍රියාකාරී කලාපයේ බැවින්, මෙවැනි ප්‍රබල භූමිකම්පා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් සිදුවන බවයි.

පැසිෆික් ගිනි වළල්ල කිලෝමීටර් 40,000ක් පමණ දිග අශ්වාරෝහක හැඩැති භූ කම්පන කලාපයක් වන අතර, නවසීලන්තය, ඉන්දුනීසියාව, ජපානය, පිලිපීනය, ඇලස්කාව සහ දකුණු ඇමරිකාවේ චිලී දක්වා විහිදී පවතී.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි