පොලිසියට විදුලි යතුරුපැදි 65,000ක් සහ විදුලි මෝටර් රථ 400ක් - ඇමති ආනන්ද විජේපාල කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

Report

ශ්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා විදුලි මෝටර් රථ 400ක් සහ සෙසු නිලධාරීන් සඳහා විදුලි යතුරුපැදි 65,000ක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි මෝටර් රථ 400 ලබන 2027 වසරේදී ලබාදීමට නියමිත බවයි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන්ට බදු රහිත විදුලි යතුරුපැදි ලබාදීමේ වැඩසටහන ද අවසන් අදියරේ පවතින බව ඔහු පැවසීය.

ඒ සඳහා පොලී රහිත ණය පහසුකම් ලබාදීමට ද සැලසුම් කර තිබේ. මීට අමතරව, 2027 වසරේදී පොලිස් ස්ථාන 92ක් සඳහා නිවාස සංකීර්ණ ඉදිකිරීමටත්, රුපියල් මිලියන 308ක වියදමින් පොලිස් ස්ථාන 389කට CCTV කැමරා පද්ධති සවි කිරීමටත් නියමිතය.

ශරීරයේ සවි කළ හැකි කැමරා ඇතුළු නවීන උපකරණවලින් සමන්විත නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වාදීමට ද රජය සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නිල ඇඳුම් සැලසුම යෝජිත නව නිල ඇඳුම නොවන බව පැහැදිලි කළ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුකරමින් පවතින බව සඳහන් කළේය.

ආයතනික හා ආකල්පමය වෙනස්කම් මෙන්ම නවීන තාක්ෂණික උපකරණ හඳුන්වාදීම තුළින් වඩාත් නවීන සහ වෘත්තීය පොලිස් සේවාවක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයි

සාමාන්‍ය පෙළ විභාගයට කලින් තහංචි රැසක්- ප්‍රවේශපත්‍ර ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දැනුම්දෙයි

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගැන විශේෂ අනාවරණයක් – බිත්තර මිලත් ගැන ඉඟියක්