ජනාධිපති සම්බන්ධව පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..අද සිට Facebook වල මේදේ තහනම්.

Police President Facebook Social media Gotabaya Rajapakshe Nihal thalduwa
By Aruna Jan 03, 2022 07:05 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා අවධාරණය කරනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් එය එසේ සිදු කළහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කළේ, යයි රහස් පොලිසිය ප‍්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාල හරහා ජනපති සහ අගමැතිට විරුද්ධව අපහාසාත්මක වන අයුරින් සකස්කළ පෝස්ට් හුවමාරු වන ආකාරය පසුගිය කාල සීමාව තුළ දකින්නට ලැබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now