බටර් පැකට් 2ක් සොරකම් කල අයෙකුට පොලීසිය වෙඩි තබයි...

KALUTHARA SATHOSA NAGODA HOSPITAL BUTTER BACKET BANDULA WEERASINHE
By Sewvandhi Aug 03, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කළැයි කියන සැකකරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇති අතර කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා (01) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර නාගොඩ ප්‍රගති මාවතේ පදිංචි තැනැත්තෙකි. කළුතර සතොස ශාඛාවට 31 පැමිණ ඇති සැකකරු රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කර ගෙන යාමට උත්සාහ කිරීමේදී අල්ලා ගත් බවට එහි කළමනාකාරිනිය වන දන්කොලුවගේ රූපවතී යන අය දුරකථනයෙන් දකුණු කළුතර පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට සැකකරු සතොස පරිශ්‍රයෙන් පැන ඒ අසල ස්ථානයක සිට ඇත. පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිස් සැරයන් (55284) අල්විස් මහතාට බොතල් කටුවකින් ඇන ඇති බවත් එම අවස්ථාවෛ් එහි සිටි උප ​පොලිස් පරීක්ෂකවරයා මොහුගේ පාදයට වෙඩි තබා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඉන්පසු වෙඩි පහර කාගෙන පලා ගිය සැකකරු නාගොඩ ප්‍රගති මාවතේ පිහිටි නිවසේ සිටියදී ​පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. තුවාල ලැබූ පොලිස් නිලධාරියාද කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා කළුතර නාගොඩ මහ රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කරන ලදී. ලක්ඛිත විද්‍යාසේකර – කළුතර



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha