සැකකරුවෙක් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි
Sri Lanka Police
Sinhala news
SriLanka News - Gagana
By Hashini
පොලිසිය අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතනවා.
පොලීසිය පවසන්නේ මොහු පසුගිය මැයි මස 29 වනදා පානදුර දකුණ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින සැකකරුවෙකු බවයි.
පොලීසිය සඳහන් කරන්නේ පල්ලෙවෙල ගොඩකන්දගේ රජිව් සුරාජ් චාමර නැමැති මෙම සැකකරු වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
අංක 11/B හොරණ පාර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
ස්ථානාධිපති – පානදුර අපරාධ විමර්ශන අංශය – 075-8900009
පොලිස් පරීක්ෂක මධුෂාන් – 0717409070
කොට්ඨාස අපරාධ රහස් පරීක්ෂක කාර්යාංශය – පානදුර – 038-3341467
