හදිසි නීතිය ජනවාරි 6 සිට නැවතත් - රාසමානික්කම්

Report

ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් මහතා විසින් හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු යොදා ඇති බවත් හදිසි නීතියක් මේ මොහොතේ රටට අවශ්‍ය ඇයිද යන්න නිශ්චිතව හෙළි කිරීමට ආණ්ඩුව මැළිකමක් දක්වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ හදිසි නීතිය සාමාන්‍යයෙන් මසකට වරක් දීර්ඝ කිරීම පාර්ලිමේන්තුවේදී සිදුවන අතර මේ මස (ජන. 6) සිට නැවත හදිසි නීතිය දීර්ඝ කිරීමට සූදානම් බවත් ඊට නිශ්චිත හේතුව පැහැදිලි නොමැති බවත් ය.

එමෙන්ම හදිසි නීතිය අවශ්‍ය ඇයි ද යන්න විමසූ විට සභානායක බිමල් රත්නායක විසින් “දැන් බලන්න ගාල්ල නගර සභාවේ සිද්ධිය වගේ ඒවා, තව උදාහරණයක් විදිහට ආපදා තත්ත්වය හින්දා මීමුරේ ගමට තවම යන්න බෑ පාරක් නැතුව, මේ වගේ කාරණාවලට හදිසි නීතිය අවශ්‍යයි” යනුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (31) දින පැවති කාරක සභාවේදී ප්‍රකාශ කළ බවට ශානකියන් රාසමානික්කම් මහතා පවසයි.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

එමෙන්ම හදිසි ආපදා තත්ත්වයත් සමඟ විපක්ෂය මඟින් හදිසි නීතිය අවශ්‍ය බව පෙන්වා දුන් අතර ඒ අනුව ඉකුත් නොවැම්බර් 28 වන දා සිට දෙසැම්බර් 28 වන දා දක්වා හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළා.

ඒ අනුව ජනවාරි 6 වන දා සිට නැවත හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව කමිටුවේදී අනාවරණය වූ බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවත් හදිසි නීතිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය අතර ඊට බිමල් රත්නායක අමාත්‍යවරයා විවාදයක් අවශ්‍ය නොමැති බව සඳහන් කළ අතර පසුව විපක්ෂයේ ඉල්ලීම අනුව ඊට පැයක් ලබා දීමට එකඟ වූ බව රාසමානික්කම් තවදුරටත් කියා ඇත.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ හදිසි නීතියකින් ගැසට් හෝ ශේෂ පරීක්ෂා කිරීම් හෝ නොමැතිව ජනාධිපතිවරයාගේ වචනය පමණක් නීතිය බවට පත් වන සේ ම මෙය අනෙකුත් නීතින් සියල්ල අභිභවා යන නීතියක් බවත් මෙමගින් ජනාධිපතිවරයාගේ විධායක බලයට තවත් අසීමිත බලයක් එක් වන බවත් ය.

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි