විදෙස් තරුණියන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා ජාවාරම..

brothel Galkissa police rade seram street
By Sewvandhi Oct 30, 2021 06:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගල්කිස්ස, සේරම් මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු සමඟ විදෙස් ජාතික කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් 51, 35, 31, සහ 28 යන වයස්වල පසුවන අය බවයි.

සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් ඉන්දුනීසියානු ජාතික කාන්තාවන් බවයි වාර්තා වන්නේ. මොවුන් අද (30) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.