ගණිකා නිවාසයකට හදිසීයේම පොලීසිය කඩා වදී..

HOTEL NEGOMBO POLICE RADE KURANA
By Sewvandhi Nov 08, 2021 02:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මීගමුව පොලිස් වසමේ කුරණ ප්‍රදේශයේ දී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කෙරුණු වැටලීමකින් ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

ලැගුම්හලක මුවාවෙනුයි මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ. එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක හා ගණිකා සේවයේ යෙදීම සම්බන්ධ සැකකාරියන් තිදෙනෙක් අත් අඩංගුවට පත් වුණු බව වාර්තා වෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 26ත් 50ත් අතර වයස්වල පසු වෙන අත්තනගල්ල, දෙහිඅත්තකණ්ඩිය, කල්පිටිය හා නුගවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් පිරිසක්.

අදාළ සැකකාර පිරිස අද (08) දින මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගමු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

-------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

දූවරු කෑගහද්දි මහභාගේ අනතුරෙන් මිය ගිය තාත්තා අවසන් ගමන් ගිය හැටි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha