සුරූපී විදෙස් කතුන් පහක් යොදාගෙන ජයටම කෙරූ සුපිරි වෙළදාම..

By Sewvandhi Dec 25, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සම්භාහන මධ්‍යස්ථානවල රැකියා ලබාදෙන බව පවසමින් ඉන්දුනීසියානු ජාතික සුරූපී කාන්තාවන් පස් දෙනෙක් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රි අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. 

 අත්අඩංගුවට ගෙන සිටින 41 හැවිරිදි එම පුද්ගලයා දීර්ඝ කාලයත් තිස්සසේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව කී පොලිසිය එම සුරූපි ඉන්දුනිසියානු කාන්තාවන් රුපියල් 25,000 ක් වැනි ඉහළ මිලට ගණිකා වෘත්තියේ යොදවා ඇති බව ද සඳහන් කළේය.

එම ඉන්දුනීසියානු කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඔහු භාරයේ තබාගෙන ජාවාරම කරගෙන ගොස් ඇති බව කී පොලිසිය පැවසුවේ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ගල්කිස්ස ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වැටලීමෙන් පසුව එම කාන්තාවන් පිළිබඳව හෙළි වී ඇති බවත්ය.

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම වැටලීමේ විශේෂ කාර්ය සාධක බලකාය මෙම කාන්තාවන් පිළිබඳව සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රි අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. සමරකෝන් මහතාගේ උපදෙස් අනුව එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුගත් සමරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම වමර්ශනය ක්‍රියාත්මක කරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now