විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

Report

ශ්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ගත් තීරණය හේතුවෙන් පක්ෂ නායකයන් හය දෙනෙකු ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් 499 දෙනෙකුට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට එම විශ්‍රාම වැටුප් අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසන පරිදි, මෙම තීරණය හේතුවෙන් විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, සහ වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් හය දෙනෙකුට ද විශ්‍රාම වැටුප් අහිමි වනු ඇත.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

ප්‍රේමසිරි මානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් මෙම තීරණයෙන් බලපෑමට ලක්වන බවයි.

එමෙන්ම, හිටපු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳට හිමිව තිබූ විශ්‍රාම වැටුප ද මෙම අහෝසි කිරීම හේතුවෙන් අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රේමසිරි මානගේ මහතා පවසන පරිදි, දැනට ලබාදෙන විශ්‍රාම වැටුප් අහිමි කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවයි. ඔහු මෙම තීරණය මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙස විග්‍රහ කරමින්, මෙම ක්‍රියාමාර්ගය “අත මිට නැති” හිටපු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට බරපතළ බලපෑමක් එල්ල කරන බව අවධාරණය කළේය.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මෙම තීරණය ගැනීමට පෙර රජයෙන් දෙවරක් සිතා බලන ලෙස ඉල්ලා සිටින බවත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම හිටපු මන්ත්‍රීවරුන්ගේ ජීවන තත්ත්වයට සහ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් එල්ල කළ හැකි බවත් මානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු අවධාරණය කළේ, මෙම තීරණය හේතුවෙන් බොහෝ හිටපු මන්ත්‍රීවරුන්, විශේෂයෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අය, බරපතළ අපහසුතාවන්ට පත්විය හැකි බවයි. 

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්