එන්නත් ලබානොගත් පිරිස සොයා පොලිස් මෙහෙයුමක්

arrested ajith rohana Vaccination Covid19 Police operation
By Sewvandhi Aug 07, 2021 07:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (07) දිනයේ සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට එවැනි පිරිස් රැගෙන විත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

 ශ්‍රී ලංකා ප්‍රජා පොලිස් කමිටු මඟින් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර, එයට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ද සහයෝගය දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට 5,000කට ආසන්න පිරිසක් ප්‍රජා පොලිස් කමිටුවල මැදිහත් වීමෙන් එන්නත්කරණය සඳහා සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙන විත් තිබේ. 

 ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කර ඇති අතර, කොළඹ සිටින එක් මාත්‍රාවක් හෝ ලබානොගෙන සිටින පුද්ගලයින් හැකි ඉක්මනින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now