මෙරට ප්‍රභල පුද්ගලයෙකුගේ බිරිද සහ පුතා කෝවිඩ් හේතුවෙන් මිය යයි.

police Corona virus Covid 19
By Sithumi Aug 31, 2021 12:45 PM GMT
Sithumi

Sithumi

Report

පොලිස්පති ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කළ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම සහකාර පොලිස් අධිකාරීවරයා ද කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සහකාර පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා නීති ශිෂ්‍යයකු වන අතර කොවිඩ් ආසාදිතවීමෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇත.

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී එම නිලධාරියාගේ බිරිඳ ද ඉකුත් සතියේදී මියගොස් තිබුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now