වෙළඳසැලකට ගිය පොලිස් නිලධාරියෙකුට පහර දී ඝාතනය කරයි..

Police Accident Sri Lanka Thangalla Witharandeniya
By Aruna Feb 18, 2022 04:31 AM GMT
Aruna

Aruna

Report

 තංගල්ල ප්‍රදේශයේදී පිරිසක් විසින් කළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙක්.

මෙම පොලිස් කොස්තාපල්වරයා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට තිබෙනවා.

පොලීසිය සැක පලකරන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි.

මෙම පහරදීමෙන් අදාළ පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකුද කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now