සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් වැටුප් රහිත විදේශ නිවාඩු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජූනි 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ තීරණයක් ගෙන තිබේ.
පොලිස් සේවයේ දැනට පවත්නා උග්‍ර නිලධාරී හිඟය සැලකිල්ලට ගෙන රාජ්‍ය ආයතන සංග්‍රහයෙන් තමන් වෙත පැවරි ඇති නීතිමය බලතලවලට අනුව ආයතන ප්‍රධානියා වශයෙන් මෙම සුවිශේෂී තීරණය ගත් බව පොලිස්පතිවරයා නිල වශයෙන් දැනුම් දී ඇත.
දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා වන උසස් නිලධාරීන් වෙත ඊයේ 23 වැනිදා මෙම දැඩි නියෝගය සෘජුවම නිකුත් කර තිබේ.
මෙම මස 26 වැනිදාට හෝ එදිනට පෙර අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් නිසි පරිදි නිර්දේශ කර පොලිස් මූලස්ථානයේ ආයතන නිල ඇඳුම් අංශය වෙත නිල වශයෙන් යොමුකර ඇති වැටුප් රහිත විදේශ නිවාඩු අයැදුම්පත් පමණක් ඉදිරි අනුමැති ක්‍රියාවලිය සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකරන බව ද ප්‍රකාශ කර ඇත.
එදිනට පසු ලැබෙන සියලුම විදේශ නිවාඩු අයැදුම්පත් කිසිදු සලකා බැලීමකින් තොරව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද පොලිස්පතිවරයා විසින් නිකුත් කළ විශේෂ නිල චක්‍රලේඛයේ පැහැදිලිවම සඳහන්ය.
මෙම නව පරිපාලන තීරණය හා උපදෙස් මාලාව පිළිබඳව වාර 3 කදී තමන් යටතේ සේවය කරන සියලුම පොලිස් නිලධාරීන් කඩිනමින් දැනුවත් කරන ලෙස ද සියලුම අංශ ප්‍රධානීන් වෙත එමඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.