පුද්ගලයෙක් පොලීසියට පහර දී සිදුවූ දේ..

By Sithumi Apr 11, 2022 12:40 PM GMT
Sithumi

Sithumi

Report

ගෝනපොළ, කෝරලඉම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකළ සිද්ධිය සැක දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ "කෝරලඉම අයියයි මල්ලියි" නමින් කුප්‍රකට සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකි. පසුගිය 11 වනදා අලුයම සැකකරුවන් දෙදෙනා ගෝනපොළ කෝරලඉම ප්‍රදේශයේ නිවාස තුනකට තියුණු ආයුධ රැගෙන කඩාවැදී රන් භාණ්ඩ කොල්ලකෑමක් සිදුකර ඇත බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ මොරගහහේන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම අවස්ථාවේදී සැකකරුවන් පදිංචිව සිටි නිවස පොලිසිය විසින් වටලා ඇති අතර එහිදී සැකකාර සොහොයුරන් විසින් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ අතකට බරපතළ තුවාල සිදුකර පළාගොස් තිබේ. අනතුරුව රෝහල්ගතකර ඇති අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර කැපුම් තුවාල හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරිනියක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ලවූ බව සැලවීමෙන් අනතුරුව මොරගහෙන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් ලුහුබැඳගොස් ඇත.

අනතුරුව සැකකරුවන් දෙදෙනා වීදියගොඩ හාල පිටිය ප්‍රදේශයේදී වෙල් යායක් ආසන්නයේදී පොලිසියට කොටුවී තිබේ. එහිදී එක් සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරීන් වෙත මරණ තර්ජනය කිරීමත් සමඟ පොලිස් නිලධාරියෙකු විසින් සැකකරු වෙත වෙඩිතබා ඇත

. එම අවස්ථාවේදී අනෙක් සැකකරු පළාගොස් ඇති අතර ඔහු සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි