සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්
සමාජ මාධ්‍යයේ සංසරණය වන '' ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් කරනු ලබන දැනුවත් කිරීමයි” යනුවෙන් දැන්වීම සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිසිය අවධාරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.පොලිසිය එවැනි කිසිදු ආකාරයේ දැන්වීමක් සමාජ මාධ්‍යයේ පල කර නැති බවයි.
ජනතාවට යම් කිසි මගපෙන්වීමක් සිදුකරන ආකාරය හුවා දක්වමින් පල කිරීමක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය පසුගිය දින කිහිපයේ නිරීක්ෂණය කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පොලිසිය විසින් ජනතාව දැනුවත් කිරීමත් සිදුකරන්නේ නම් එය පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් සිදු කරනු ලබයි.
ඒ වගේම නියමිත ලිපි ශිර්ෂය යටතේ මාධ්‍ය වෙත එම කොට්ඨාශය අදාළ නිවේදන නිකුත් කරනු ලබයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ සිය නිල ෆේස්බුක් සහ යූටියුබ් නාලිකාව ඔස්සේ ද ජනතාව දැනුවත් කළ යුතු පණිවුඩ යාවත්කාලීන කිරීම සිදුකරන බවයි.
ඒ අනුව පොලිසිය නිකුත් කළ බවට හැඟවෙන ආකාරයෙන් සමාජ මාධ්‍යයේ පල කර ඇති මෙම දැන්විම සම්පුර්ණයෙන් අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර තිබේ