පිළියන්දල පොලිස් වසමේ ජනතාවට විශේෂ දැනුම්දීමක්
පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ අද (10) පස්වරුවේ හදිසියේ හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසිය පවසයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.
මෙම ගින්නෙන් පිටවන දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාවට එම ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.
එමෙන්ම, අවට පදිංචිකරුවන් දුම ආශ්වාස වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීම ඇතුළු අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.