විවාහක පෙම්වතා තරුණියට නිල් වෙන්න ගහලා මරලා
අඟුලාන පොලිසිය පවසන ආකාරයට, වාද්දුව කුඩා වස්කඩුව, ලිපිඩන්ස්වත්ත පදිංචි 24 හැවිරිදි තරුණිය හේශලා කාවින්දි නැමැති කාන්තාව අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස ඇයව ඝාතනය කරන ලද්දේ විවාහක පුද්ගලයෙකු විසිනි. සැකකරු, බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර,මාස අටකාලයක් තුළ මෙම තරුණිය සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබුණි.
පොලිස් පරීක්ෂණ අනුව, සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයකු වූ අතර, ඒ හේතුවෙන් තරුණියව ඔහුගෙන් බේරා ගනීමට දෙමාපියන් ගත් උත්සාහයන් පවා ඇය ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව සැකකරු, අගුලාන සයුර මහල් නිවාස සංකීර්ණයේ ජී කොටසේ 8 වන මහලේදී තරුණියට කොස්සකින් සහ අතින් පයින් පහරදී, පලා ගොස් තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇමරිකාවේ නාවික සීල් පුහුණුව සාර්ථකව නිම කරමින් ලංකාවට කීර්තියක් ගෙනා ලුතිනල් චමිත නිදි යහනේදීම මිය යයි
පහර දීම නිසා තරුණිය කොන්ක්‍රීට් තට්ටුව මත වැටී සිටින අතර, ඇය මියගොස් ඇති බව පොලිසිය අනාවරණය කළේය. මියගිය තරුණියගේ මුළු ශරීරය තැලීම් තුවාල සහ නිල් පාට පැල්ලම් තිබී ඇත.
මේ වන විට ඇගේ මෘත ශරීරය කලුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. අගුලාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාද බණ්ඩාරගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්. පී. ඊ. චතුරංග ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.