පොලිස් මූලස්ථානය හිස් වෙයි.

Sri Lanka Police Sri Lanka Air Force
By Wayomi Mar 17, 2024 04:11 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වශයෙන් භාවිත කළ කොම්පඤ්ඤ වීදියේ පිහිටි ගොඩනැගිල්ල තුළ ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය ස්ථාපනය කිරීමට නියමිතයි.

එය නිල වශයෙන් භාර දීම සඳහා අදාළ ලේඛන අස්සන් කිරීම ද සිදු වූ අතර දශක දෙකකට ආසන්න කාලයක් මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූලස්ථානය ලෙස භාවිත කරනු ලැබුවා.

අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක මහල් 12කින් මෙම මූලස්ථාන ගොඩනැගිල්ල සමන්විතයි.

ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) එයාර් වයිෂ් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොළ සහ පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැළුම් තිලකරත්න විසින් ගොඩනැගිල්ල නිල වශයෙන් භාරදීම සහ භාර ගැනීමට අදාළ ලේඛන අස්සන් තැබීම සිදු කෙරුණු අතර අනතුරුව අදාළ ලේඛන ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතර හුමවාරු විය.       

ReeCha