කොළඹ විරෝධතාවයට ආ දුම්රියක මෙතෙක් සිදු නොවූ දෙයක් වෙයි..
අද කොළඹ පැවැත්වෙන විරෝධතාව සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් ජනතාව එක්රැස් වෙමින් සිටිති.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය සඳහා එක් පුද්ගලයෙකු විසින් මුළු දුම්රියටම මුදල් ගෙවා තිබිණි.
දුම්රිය අද පෙරවරුවේ පැමිණීමට නොහැකි බව දැන්වුවද විරෝධතාවයට සහභාගි වෙන පිරිස් වල බලකිරීම මත එය ධාවනය කරවීමට දුම්රිය ස්ථානාධිපතිවරයා කටයුතු කරන ලදී.
අනුරාධපුරයේ සිට රජ රට රැජින දුම්රිය අද උදෑසන කොළඹ බලා පිටත් වීමට නියමිතව නොතිබුණද තරුණ පිරිසක් එක්වී සිදුකළ අරගලයකින් පසු එය කොළඹ බලා ගමන් ආරම්භ කළා.
එම පිරිස පවසන්නේ, මෙලෙස එම දුම්රියේ පැමිණෙන පිරිස් අරගලයට එක් වන බවයි.
එම අවස්ථාවේ සිදුවූ උණුසුම් තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.
මේ අතර තරුණ තරුණයින් පිරිසක් අරගලයට කෝච්චියෙන් සිංදු කියමින් පැමිණෙන වීඩියෝවක්ද අපවෙත ලැබී තිබෙනවා.
මේ අතර ජනතාව ලොරිවල එල්ලී කොළඹට පැමිණෙමින් සිටින දර්ශනද අපවෙත ලැබී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |