පොලිස් රියදුරන් අධිකරණයට....

Police
By Thaya Feb 25, 2021 05:49 PM GMT
Report

පොලිස් රියදුරන් ලෙස රාජකාරි කරන කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් 235 දෙනෙකු තමන්ට උසස් වීම් ලබානොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් රියදුරු ලෙස රාජකාරි කරන කොස්තාපල්වරුන් 210 දෙනෙකු සහ පොලිස් රියදුරු ලෙස රාජකාරි කරන සැරයන්වරුන් 25 දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව, එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පොලිස් කොමිසම සහ එහි සභාපති, සාමාජිකයින් ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා. පොලීසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරින් 31,000 කට පමණ එකවර උසස්වීම් ලබාදී ඇතත්, තමන්ට මෙම උසස්වීම් ලබාදී නොමැති බවටයි ඔවුන් අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ.