පොලිසියේ නොසන්සුන් තත්ත්වයක්...ජනපති සහ අගමැතිටත් දන්වයි..ඉදිරියේදී කුමක් වෙයිද?

Police Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Aug 12, 2021 08:45 AM GMT
Aruna

Aruna

Report

පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් එහි ඉහළ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් මතුව ඇති බව ආරංචි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයිග පසුගිය වසරේ සැප්තැම්බර් 10 දින සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කරන ලද පත්වීම් ලද නිලධාරීන් පිරිසක් මේ දක්වාම වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයේ පිහිටුවා සිටින්නේ එම තනතුරුවල පුරප්පාඩු තිබියදීත් ඒවායේ ස්ථිර කිරීමක් සිදු නොකර ය.

දැනටත් කොට්ඨාස භාර හා අංශ ප්‍රධානීන් ලෙස මෙම පිරිස් ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරුවල වැඩ බැලීම සඳහා පත් කර තිබේ.

එමෙන්ම පුරප්පාඩු 230ක් පමණ ඇති සහකාර පොලිස් අධිකාරි තනතුරු සම්මුඛ පරීක්‍ෂණ පවා පවත්වා තිබියදී ඒ සදහා උසස් වීම බලාපොරොත්තුවෙන් වසරක පමණ කාලයක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විශාල පිරිසක් බලා සිටිති.

මතුව ඇති තත්ත්වය ජනාධිපති, අගමැති කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු ඉහල නිලධාරීන්ට වතාවන් කිහිපයකදීම දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැතැයිද පොලීසියේ ඉහළ නිලධාරීන් කියා සිටිති.

කෙසේ නමුත් වත්මන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ද වැඩබලන පොලිස්පති තනතුරේ සිටියේ අදාළ කාල සීමාවේ බවත් පසුව ඔහු එම තනතුරේ ස්ථිර වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha