ප්‍රධාන පොලිසියකින් කොරෝනා පොකුරක් මතුවෙයි..පොලිසිය පුරා පැතිර යයි.

Covid Police Rakwana Rathnapura
By Aruna Nov 22, 2021 07:47 AM GMT
Aruna

Aruna

Report

පොලිසියේ නිලධාරීන් 28 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා විම නිසා රක්වාන පොලිසියේ සාමාන්‍ය රාජකාරි වලට බාධා එල්ලවි තිබෙනවා.

රක්වාන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. මුණවිර පැවසුවේ රක්වාන පොලිස් ස්ථාණයේ නිලධාරීන් කිහිප දෙනෙකුට මතුවු රෝග ලක්ෂණ නිසා සිදු කරන ලද පි සි ආර් පරික්ෂණ වලදි මේ බව තහවුරු වු බවයි.

එම පොලිස් ස්ථාණයේ අංශ භාරව කටයුතු කරන නිළධාරින් කිහිප දෙනෙකු ද කොව්ඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව සුළු පැමිණිලි භාර ගැනිමද සිමා කර තිබෙනවා.

දැනට සතියකට පෙරදි නිලධාරීන් දෙදෙනෙකුට කොරොනා ආසාදිත වි ඇති අතර ඉන් පසු සිදු කරන ලද පි සි ආර් පරික්ෂණ වලදි සෙසු නිළධාරින්ට කොරොනා ආසාදිත බවට තහවුරු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now