ගෙල පැළඳි රන් මාලයක් කඩා පළා ගිය පොලිස් සැරයන්..
කාන්තාවක් ගෙල පැළැඳ සිටි මාලයක් කොල්ල කා පළායමින් සිටි පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තලංගම පොලීසිය විසින් ය.
මෙලෙස කොල්ල ආ ඇත්තේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියකගේ ගෙල තිබූ රුපියල් 50,000ක් පමණ වටිනා මාලයක් ය.
සැකකරු කුරුඳුවත්ත පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු වන අතර අදාළ කාන්තාව ඊයේ (11) පෙරවරුවේ රාජකාරිය සඳහා බස් රථයකින් පැමිණ සුහුරුපාය සුපිරි වෙළෙඳ සංකීර්ණය අසල බස් රථ නැවතුමෙන් බැස මද දුරක් ඉදිරියට ගොස් ඇත.
එහිදී ඒ අසල සිටි පුද්ගලයකු එකවරම ඇය වෙත කඩා වැදී ගෙල පැළඳ සිටි මාලය රැගෙන පළාගොස් ඇත.
පසුව ඇයගේ කෑගැසීමත් සමග රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස් තිබෙනවා.
ඔහුව අල්ලා සුහුරුපාය පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් තලංගම පොලීසියට භාර දී ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී, ආර්ථික අපහසුකම් මැද නැන්දම්මාගේ රන්මාලය උකස් තැබූ බවත් එය බේරාදෙන ලෙස ඇය නිතරම ඇවිටිලි කරන බැවින් මෙම කොල්ලය සිදුකළ බවට සැකකරු පවසා තිබෙනවා.
කෙසේවෙතත්, සිද්ධියට මුහුණ පෑ කළමනාකාර නිලධාරිනිය පොලීසියට පවසා ඇත්තේ රන් පැහැති එම මාලය රුපියල් 50,000ක් පමණ වටිනා බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |