කට්ටියක් එකතු වෙලා පාළු පන්සලක නිධන් හාරන්න ගිහින් - අන්තිමට හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙලා..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jun 14, 2024 04:33 PM GMT
krishani

krishani

Report

පුද්ගලයින් සයදෙනෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කට්ටියක් එකතු වෙලා පාළු පන්සලක නිධන් හාරන්න ගිහින් - අන්තිමට හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙලා.. | Police Arreted Six People At Weerawila

ඒ නීතිවිරෝධීව පුරාණ විහාරස්ථානයක කැණීම් කටයුතු සිදු කිරිම හේතුවෙන් ය.

මෙම සැකකරුවන් ඊයේ (13) පස්වරුවේ එක් ව වීරවිල ශ්‍රී සම්බෝධී පුරාණ විහාරයේ ගල්කන්ද – වීරවිල ප්‍රදේශයේ දී මෙම කැණීම් සිදු කරමින් සිට තිබෙනවා.

ඔවුන් නොටාල්පිටිය, කෑගල්ල, බණ්ඩාරගම, වීරවිල, කොස්ගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 සහ 59 අතර පසුවන පුද්ගලයින් 06 දෙනෙකු වේ.

පුරාවස්තු කැණිම් කිරීමට භාවිතා කළ පුජා භාණ්ඩ ද සමග සැකකරුවන් ව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම විහාරස්ථානයේ හිමිනම ද මේ වන විට විහාරස්ථානය හැර ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මීට පෙර අවස්ථවන් හි දී ද විහාරස්ථානයේ නිධන් හෑරීම් සිදු කර ඇති බව සඳහන් විය.