යුක්තියේ මෙහෙයුම එක වරම වෙනස් වෙයි..පොලිසියෙන් කරන්න යන අලුත්ම මිශන් එක මෙන්න.

Report

යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක වේ.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේය.

අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව නිහාල් තල්දූව සඳහන් කළේය.

අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා සිට මේ දක්වා සිදුකරන ලද අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 5449 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි පොලිසිය සඳහන් කරනුයේ .

එමෙන්ම යුක්තිය මෙහෙයුම යටතේ නීති විරෝධී වත්කම් කොට්ඨාස මගින් වත්කම් විමර්ශන 837ක් ආරම්භ කර ඇත. එහිදී රුපියල් මිලියන 1,425ක නීති වීරෝධීව ඉපයූ වත්කම් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

නොසිතූ ප්‍රහාරයකින් කාන්තාවක් මරුට..

නොසිතූ ප්‍රහාරයකින් කාන්තාවක් මරුට..

මේ අතර, පොලිසිය සඳහන් කළේ යුක්තිය මෙහෙයුම යටතේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 11,124 වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 412ක්, අයිස් කිලෝග්‍රෑම් 426ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 11ක් ඇතුළුව රුපියල් මිලියන 19,075 ක් වටිනා මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවයි.