ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Jul 04, 2024 05:17 AM GMT
Wayomi

Wayomi

Report

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අර්ථ නිරූපණය කිරීම අභියෝගයට ලක් කරමින්, එය වසර 6ක් විය යුතු බවට තර්ක කරමින්, තීන්දුවක් දෙන තුරු 2024 මැතිවරණය නතර කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු වන චමින්ද්‍ර දයාන් ලේනව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


මෙම අයැදුම්පත්‍රය ගොනු කිරීමට පෙර ලේනාව තමන්ගෙන් හෝ තම නීතිඥයන්ගෙන් උපදෙස් ලබා නොගත් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නේ.

ධූර කාලය වසර 5ක් බව තරයේ විශ්වාස කරන ජනාධිපතිවරයා 2024 මැතිවරණය පැවැත්වීමේ මැතිවරණ කොමිසමේ සැලසුමට සහාය පළ කරනවා බව තරයේ ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??

ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??


බේරේ නාපු කහඳගම රනිල් සමඟ එක්වෙයි.

බේරේ නාපු කහඳගම රනිල් සමඟ එක්වෙයි.

මාධ්‍ය නිවේදනය,

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න. | Ranil Wickremesinghe 2024 Presidential Election Sl

2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ.

අදාළ පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි.   

රාජකාරි අතරතුර OIC ට මාරාන්තික ප්‍රහාරයක්. - (PHOTOS)

රාජකාරි අතරතුර OIC ට මාරාන්තික ප්‍රහාරයක්. - (PHOTOS)



Gallery