CCTV සවි කරලා කාන්තා හා ළමා නිවාසයක නාන කාමරයේ නිරුවත් දර්ශන නරඹලා.

Wayomi
Report this article
වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තා හා ළමා නිවාසයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්. චාර්ල්ස් විසින් ඊයේ (3) දා ළමා ආරක්ෂණ අධිකාරිය වෙත උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.
ඒ, මේ නිවාසයේ නාන කාමරවල අනිසි ආකාරයට සවි කරණ ලද CCTV කැමරා පද්ධතියක් මගින් නාන කාමරවල නිරුවත් දර්ශන නැරඹූ බවට චෝදනා එල්ල වීමත් සමඟයි.
යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මෙම මධයස්ථානය සම්බන්ධයෙන් මීට පෙරත් මෙවැනි චෝදනා එල්ල වී ඇති බවත්, එම පැමිණිලි ළමා හා පරිවාස ඒකකය වෙතත් ආණ්ඩුකාරවරිය වෙතත් ලැබී තිබූ බවත් වාර්තා වෙනවා.

හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කළ කමිටු වාර්තාවේ සදහන් වී ඇත්තේ පැමිණිල්ලේ සදහන් කරුණු සියල්ලම සත්‍ය බවයි.
එම වාර්තාව ආණ්ඩුකාරවරිය වෙත ලැබුණු පසුව වහාම එම ස්ථාන දෙක වසා දමා ඒවායෙහි බාරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි ආණ්ඩුකාරවරිය පරිවාස හා ළමා සුබසාධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දැණුම් දී ඇත්තේ.
