මසිනලා දෙන්නටම අක්කලා දෙන්නව එපා වෙලා..12 හැවිරිදි නෑනාට කරපු දෙයක්..

Sri Lanka Police Matale Sri Lanka Sexual harassment Child Abuse
By Piyumika Jul 04, 2024 05:20 AM GMT
Piyumika

Piyumika

Report

මාතලේ ප්‍රදේශයේ වයස අවුරුදු දොළහක පාසල් ශිෂ්‍යාවක ඇයගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා විසින් අපයෝජනය කර ඇති අතර එම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ඊයේ (03 වැනිදා) දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පැවසීය.

යුක්තියේ මෙහෙයුම එක වරම වෙනස් වෙයි..පොලිසියෙන් කරන්න යන අලුත්ම මිශන් එක මෙන්න.

යුක්තියේ මෙහෙයුම එක වරම වෙනස් වෙයි..පොලිසියෙන් කරන්න යන අලුත්ම මිශන් එක මෙන්න.

අදාළ පාසල් ශිෂ්‍යාවගේ පියාගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් විසින් ඇයව නිතර නිතර ලිංගික හිංසාවන්ට ලක් කරන බවට මාතලේ පොලිස් ස්ථානය වෙත පසුගියදා නිර්නාමික දුරකථන පණිවිඩයක් ලැබී තිබේ.

එම නිර්නාමික දුරකථන ඇමතුම පිළිබඳව සිදු කළ පරීක්ෂණයට අනුව අදාළ ශිෂ්‍යාව පසුගිය මාස කිහිපය තුළදී අදාළ පුද්ගලයන් දෙදෙනා එක්ව දොළොස් වතාවකදී පමණ අපයෝජනයට ලක්කර ඇති බවට හඳුනාගෙන ඇත.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවලදී තර්ජනය කොට තමාව බියගන්වා තම කැමැත්තකින් තොරව අපයෝජන කළ බවට එම ශිෂ්‍යයාව පොලිසිය වෙත ප්‍රකාශ කර තිබේ.

පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ..

පැරණිම ලෙන් චිත්‍ර හුණුගල් ලෙනකින් හමුවේ..

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට පත් වූ පාසල් ශිෂ්‍යාව ඇයගේ මවගේ රැකවරණය යටතේ මාතලේ මහ රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයට ලක්කර තිබේ.

සිද්ධියට අදාළ වයස අවුරුදු තිහක පමණ වන එක් සැකකරුවකු මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වනු ලබයි .

අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

අල්ලස් දැලට කොටු වුනු පොලිස් නිලධාරියා..

මාතලේ ​ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ ගේ උපදෙස් පරිදි මාතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ගුණවර්ධනගේ මෙහෙයවීමෙන් මාතලේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

අදාළ සැකකරු මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය සිදු කරයි.