කතකගේ බඩේ තිබූ කිලෝ 15ක ගෙඩියක් එළියට ගත් ලංකාවේ විශ්මිත සැත්කම..යළිත් හම්බන්තොටින් වාර්තාවක්.(VIDEO/PHOTOS)

Hambantota Sri Lanka Ministry of Health Sri Lanka National Health Service
By Aruna Jul 04, 2024 03:01 AM GMT
Aruna

Aruna

Report

කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් පහළොවක(15) පමණ බරකින් යුතු ගෙඩියක් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත් වී ඇත.

වසර ගණනාවක සිට මෙම කාන්තාව උදරයේ ආබාධයකින් පෙළී ඇති අතර එය ගැස්ට්‍රයිටිස් යැයි සැක කර විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

කතකගේ බඩේ තිබූ කිලෝ 15ක ගෙඩියක් එළියට ගත් ලංකාවේ විශ්මිත සැත්කම..යළිත් හම්බන්තොටින් වාර්තාවක්.(VIDEO/PHOTOS) | A Tumor Of 15 Kilos In The Stomach Is Removed

පසුව ඇයගේ උදරය උසුලාගත නොහැකි තරමට ඉදිමීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණ ඇති අතර ඇගේ රෝගී තත්ත්වය ගැස්ට්‍රයිටිස් නොවන බවත් එය ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක් බව වෛද්‍යවරයා හඳුනාගත් බවයි සමන්ත සමරවික්‍රම මහතා ගගන සමග කියා සිටියේ.

ඒ අනුව කාන්තාවගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් පහළොවක පමණ බරකින් යුතු ගෙඩිය සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට හැකිවී තිබීම විශේෂත්වයක්.

වීරකැටියේ පදිංචි 38 හැවිරිදි එක් දරු මවකගේ ගර්භාෂයේ තිබූ ගෙඩියක් මෙලෙස සැත්කමක් මගින් ඉවත් කෙරිණි.

කතකගේ බඩේ තිබූ කිලෝ 15ක ගෙඩියක් එළියට ගත් ලංකාවේ විශ්මිත සැත්කම..යළිත් හම්බන්තොටින් වාර්තාවක්.(VIDEO/PHOTOS) | A Tumor Of 15 Kilos In The Stomach Is Removed

මීට පෙර ද මෙවැනිම විශ්මිත සැත්කමක් හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූණා.

ඒ කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක ගෙඩියක් ඉතා සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමයි.

සැත්කම සිදුකල විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, 49 හැවිරිදි මෙම කාන්තාව තමා හමුවට පැමිණි බවත් උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසු තාවය ඇති බවද දන්වා සිටි බවයි.

කතකගේ බඩේ තිබූ කිලෝ 15ක ගෙඩියක් එළියට ගත් ලංකාවේ විශ්මිත සැත්කම..යළිත් හම්බන්තොටින් වාර්තාවක්.(VIDEO/PHOTOS) | A Tumor Of 15 Kilos In The Stomach Is Removed

වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂන කටයුතු සිදු කිරීමෙන් පසුව ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හෙලි විමෙන් පසුව මෙම සැත්කම හම්බන්තොට මහ රෝහලේ දි සිදු කෙරුණා.

මෙම ගෙඩිය ගර් භාෂයේ පිහිටා ඇති බව පරීක්ෂන වලින් හෙලි වීමෙන් පසුව සෙසු වෛද්‍යවරුන් හා කාර්යමන්ඩල සමග ඉතා සාර්ථකව මෙම සැත්කම හම්බන්තොට මහ රෝහලේ දි සිදු කර ගෙඩිය ඉවත් කිරීම සිදු කෙරුණා.