හොර රහසෙම ජයටම කරගෙන ගිය ගංජා හේන - ලක්ෂ 20කට වඩා වටිනාකමක්.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 14, 2023 09:59 AM GMT
krishani

krishani

Report

තණමල්විල – බලහරුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා හේනක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 51ක් පමණ වන අයෙක් වේ.

ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් පන්දහස් හත්සීයක් තිබී ඇති අතර අඩි හතරකට ආසන්න උසකින් යුක්තයි.

එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික වේ.

කෙසේ වෙතත් පොලිසිය විසින් සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha