කතක්, ළමා නිවාසයකින් දරුවෙක් පැහැර ගෙන මත්ද්‍රව්‍ය පොවා සිඟමනේ දාලා - දරුවාගේ ඇඟේ පිළිස්සුම් තුවාලත්..
කාන්තාවක් විසින් දරුවෙකු සිඟමනේ යොදවා ඇති බවට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලීසිය පසුගිය 9 වනදා විමර්ශනයක් ආරම්භ කළේ ය.
ඒ ඔබේසේකරපුර කොලොන්නාව දෙසට යන මාර්ගයේ ය.
එහිදී සිඟමනේ යෙදෙමින් සිටි 11 හැවිරිදි දරුවෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අඹේපුස්ස ප්‍රදේශයේ ළමා නිවාසයක රැදී සිටියදී නිලූකා ප්‍රියදර්ශනී නමැති කාන්තාවක් මෙම දරුවා එයින් රැගෙන විත් ඇයගේ පුත්‍රයා සමග සිඟමනේ යොදවා ඇති බව දරුවාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය විය.
එමෙන්ම මෙම දරුවාට හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට දී මෙසේ සිඟමනේ රැගෙන යන බවත් විමර්ශනවල දී අණාවරනය වී තිබෙනවා.
දරුවාගේ කටේ, දෙතොල්වල, වම් කකුලේ දණහිසට ඉහළින් සහ කකුල් දෙකේ මහපට ඇඟිලිවල පිළිස්සුම් තුවාල ඇති අතර දරුවා ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
කෙසේවෙතත්, එම දරුවා පැහැරගැනීමට කටයුතු කළ සහ දරුවාට මත්ද්‍රව්‍ය පානය කිරීමට දී සිඟමනේ යෙදවූ බව කියන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
ඉන්පසු ඇයව මැයි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |