හොරෙන්ම තාත්තයි පුතයි එකතු වෙලා ජයටම කරගෙන ගිය ගිනි අවි කම්මල - විවිධ මිල ගණන් වලට විකුණලා.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 29, 2023 06:32 PM GMT
krishani

krishani

Report

කල්එළිය ඩන්කන් මාවත ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමගින් පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සොයාගත් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය මොවුන් විසින් සකසා තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් බුද්ධි කොටඨාශයේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි.

එහිදී ගල්කටස් අවි දෙකක්, තුවක්කු බදවල් දෙකක්, කොටස් ගලවා වෙන් කරන ලද වායු රයිපල් දෙකක්, විවිධ අන්දමේ ගිනි අවිවල කොටස් රැසක්, ඊයම් කුට්ටි, ඊයම් බෝල, ඊයම් බෝල සැකසීමට යොදා ගත් උපකරණයක්, එසේ සකසා ගත් ඊයම් බෝල පුරවා සැකසූ එස්. ජී. වර්ගයේ උණ්ඩ, පිරිවීම සදහා යොදා ගන්නා බව කියන හිස් පතරොම් කොපු හා පිහි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විමර්ශනවල දී හෙලි වී ඇත්තේ මෙහි නිපදවන ලද ගල්කටස් අවි කීහිපයක් විවිධ පුද්ගලයන්ට රුපියල් හතලිස් දහසේ සිට විවිධ මිල ගණන්වලට අලෙවි කර ඇති බවයි.

පොලිසිය සැක කරනුයේ මොවුන් විදේශ රැකියාවන්හි යෙදී සිටිය දී ලබාගත් අත්දැකීම් මත මෙම ව්‍යාපාරය කළක් තිස්සේ හොරෙන් කරගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේ මෙම ව්‍යාපාරය සදහා ආධාර හා අනුබල දුන් පුද්ගලයන් හෙළිකරගෙන අතුඅඩංගුවට ගැනීමට නියමිත බවයි.

විඩියෝ දර්ශන - Hiru News YouTube Channel


ReeCha