පාසල නිම වී නිවසට යමින් සිටි දැරියන් දෙදෙනෙකුට නොහිතපු සිදුවීමකට මුහුණ දෙන්න වෙලා - මෙහෙම දෙයක් නම් කවුරුවත් හිතන්න නැතුව ඇති..

Sri Lanka Police Kalutara Sri Lanka Sri Lanka Police Investigation
By krishani Nov 15, 2023 05:29 PM GMT
krishani

krishani

Report

පාසල නිම වී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට උත්සාහ කිරිමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඔවුන් කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ පදිංචිකාරිණියක වේ.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති සැකකාර පාසල් සිසුවෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් පැමිණ සිසුවිය පාසල නිම වී නිවස වෙත යමින් සිටිය දී කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ දී පැහැරගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

එම සිදුවීම දුටු පාසල් සිසුවියගේ මිතුරියක් එම ස්ථානයට දිවවිත් ත්‍රිරෝද රථයට නැග ඇත.

පසුව සැකකාර පාසල් සිසුවා විසින් කළුතර කිතුලාව ප්‍රදේශයේ පිහිටි අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ නිවස වෙත ඔවුන් රැගෙන ගොස් තිබෙනවා. 

ඒ පිළිබඳව විදුහල්පතිවරයාට සැලවීමෙන් ඔහු කළුතර දකුණ පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව පොලීසිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ත්‍රිරෝද රථයකින් ගෙනවිත් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමාගොස් සිටියදී පොලීසිය සොයාගෙන ඇත.

අනතුරුව එම පාසල් සිසුවියන් දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර සැකකාර ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha