වසර තුනක කාලයක් තිස්සේ සාමනේර හිමිට බරපතල ලිංගික අතවර කළ ලොකු හාමුදුරුවරු තුන්නම අත්අඩංගුවට..
වසර තුනක පමණ කාලයක සිට බාලවස්කාර සාමනේර හිමිනමකට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පයාගල පොලිසිය විසින් ය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පයාගල ගොරකදෙනිය විහාරස්ථානයක වැඩවසන 43 සහ 17 වියැති තුන් නමක් බව පොලිසිය පවසා සිටියේ.
ඒ සාමනේර හිමි නමගේ මව විසින් කල පැමිණිල්ලක් අනුව යි
එම සිදුවිමෙන් පසු සැකකාර උන්වහන්සේලා විහාරස්ථානයෙන් පලාගොස් සිටි අතර උන්වහන්සේලා මැයි 04 වන දා නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඇප අයදුම්පතක් යොමුකර තිබුනේ ය.
මේ අතර, පලාගොස් සිටී ස්වාමීන් වහන්සේලා තුන්නම අද (11) පයාගල පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, 2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමි සහ අනෙන් ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමරවල දී සාමනේර හිමිනමට වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකල බවයි.
කෙසේවෙතත්, අතවරයට පත් සමනේර හිමි වෛද්‍ය පරීක්ෂණ සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර වෛද්‍ය වාර්තා ලබාගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන සදහා සැකකාර හිමිවරුන් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය වෙත භාරදුන් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |