අඩනිරුවත් ඡායාරූප යවා කප්පම් ගැරීමට තැත් කළ ගැහැණු වෙස්ගත් පිරිමියෙකුට වැඩ වරදියි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 11, 2023 06:11 AM GMT
krishani

krishani

Report

ෆේස්බුක් හරහා රූමත් තරුණියකගේ අඩනිරුවත් ඡායාරූප මුදාහරිමින් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙක් රවටා ඔහුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටාන පොලීසිය විසින් ය.

සිද්ධියේ ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පළමුවෙන්ම රූමත් තරුණියකගේ ඡායාරූප අදාළ නිලධාරීවරයාට යවා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

පසුව අදාළ නිලධාරියාගේ ද අඩනිරුවත් ඡායාරූප ඔහු වෙත ගෙන්වාගෙන ඇති අතර පසුව තමන්ව මුණගැසීමට යම් කිසි ස්ථානයකට පැමිණෙන ලෙසට සැකකරු ඔහුට පවසා ඇත.

එම නිලධාරිය ඔහු පැවසූ ස්ථානයට පැමිණ ඇති අතර එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණි ප්‍රධාන සැකකරු නිලධාරිවරයාව බිය ගන්වා ඇත.

ඒ ඔහුගේ අඩනිරුවත් ඡායාරූප බිරිඳටත් පවුලේ පිරිසට සහ සමාජ මාධ්‍යට මුදා හරින බවට පවසමින් ය.

එසේ නොකිරීමට ඔහුගෙන් එහිදී රුපියල් 50,000ක මුදලක් ලබාගෙන ඇති අතර පසුව නැවතත් ඇමතුමක් ලබා දෙමින් සැකකරු ඔහුව තර්ජනය කර ඇත.

ඒ රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙන ලෙසට ය.

මේ සම්බන්ධයෙන් නිළධාරියා පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය පැවසු පරිදි සැකකරුට මුදලින් ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු වී ඔහුට මුදල් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.

ඒ අනුව මුදල් ලබා ගැනීමට පැමිණි සැකකරුන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය  සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join