නවාතැන්පලක් විදිහට ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.. එහි සිදු වූ දේ..

Sri Lanka Police Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By krishani May 30, 2023 10:57 AM GMT
krishani

krishani

Report

ඊයේ (29) යාපනය - චුණ්ඩික්කුලි ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් යාපනය පොලිසිය විසින් වටලා තිබෙනවා.

එම වැටලීමෙන් කාන්තාවන් දෙදෙනෙකු හා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

කුලියට ගත් නිවාසයක් නවාතැන් ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මීට මාසයකට පමණ පෙර කොළඹ සිට කාන්තාවන් දස දෙනෙකු පමණ මෙම ගණිකා නිවාසයට පැමිණ යාපනයට පැමිණෙන පුද්ගලයන්ට ගණිකා සේවය ලබා දුන් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර අනෙක් පුද්ගලයා යාපනයේ පදිංචිකරුවෙක් වේ.

කෙසේවෙතත්, මෙම කාන්තාවන් දෙදෙනා සහ ගණිකා නිවාසයේ හිමිකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join