එනසාල් සොරකමේ ගිය තුනකට වැඩ වැරදෙයි..
Sri Lanka Police
Colombo
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
කොළඹ වරාය පොලිස් වසමේ CICT පරිශ්‍රය තුළ තිබූ බහාලුමකින් එනසාල් පෙට්ටි 09ක් සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම අදාළ එනසාල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්න වේ.
අදාළ එනසාල් තොගය පටවා තිබූ කන්ටේනර් රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35, 37 සහ 39 යන වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදලුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |