එළ ගවයින් සොරකමේ ගිය පිරිසක් රෝහලට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 05, 2023 12:41 PM GMT
krishani

krishani

Report

ගව සොරකමේ ගිය පුද්ගලයින් තිදෙනෙකු බද්දේගම ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට හසු වී තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසීන් විසින් බද්දේගම පොලිසියට සැකකරුවන් බාර දීමට කටයුතු කර ඇත.

මෙලෙස පොලිසියට බාර දී ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුයි.

මෙලෙස ප්‍රදේශවාසීන්ට හසු වී තිබෙන්නේ බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ එළ ගවයින් තිදෙනෙකු වෑන් රථයකින් රැගෙන යන අතරතුරදී ය.

එලෙස පොලිසියට බාරදුන් තිදෙනා ගම්මුන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ඇත.

ඒ හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha