හදිසියේම අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙක්? නිවේදනයක් මෙන්න [PHOTO]
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ, බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙකු පත් කර ඇති බව සමාජ මාධ්‍යයේ ව්‍යාප්ත වන පුවත සම්පුර්ණයෙන්ම ව්‍යාජ බවය.
ඒ සම්බන්ධයෙන් විවරණය කරමින් ඔහු කියා සිටියේ, බලමණ්ඩලයේ නිල ෆේස්බුක් ගිණුමට සමාන ව්‍යාජ ගිණුමක් ඔස්සේ මෙම වැරදි තොරතුර පැතිරවී ඇති බවයි.
එමෙන්ම, නව කැඳවුම්කරුවෙකු පත් කිරීමේ හෝ වර්තමාන තනතුර වෙනස් කිරීමේ කිසිඳු තීරණයක් මේ වනවිට ගෙන නොමැති බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
