පොලිස් වෙසින්, තුනක් එක් වී සිදුකළ වංචාව..
Sri Lanka Police
Vavuniya
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
පොලිස් නිලධාරීන් බව පවසමින් පුද්ගලයකු පැහැර ගෙන ගොස් මුදල් කොල්ල කෑ තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් තිදෙනකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම තිදෙනා වව්නියාව දුම්රියපල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පොලීසියෙන් බව පවසා යතුරුපැදියකට ගොඩනංවාගෙන තිබෙනවා.
මද දුරක් ගොස් ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදල මොවුන් විසින් බලහත්කාරයෙන් රැගෙන පලගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
පැහැරගත් පුද්ගලයා ඔවුන් පසුපස හඹා ගොස් රුපියල් 15,000ක මුදලක් නැවත උදුරා ගත්ත ද ඉතිරි මුදල් රැගෙන එම පිරිස පලා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, අදාල සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
